Sunday, February 5, 2017

Angelo Mathews ට Australia 20-20 තරගාවලිය අහිමි වේ


දකුණු අප්‍රිකාවේ දී  පාදයේ  ආබාධයකට  ලක්වූ  නායක  මැතිවුස් නැවත  ලංකාවට  පැමිණියේ  Australia සමග  20-20 තරගාවලියේදී නැවත  කණ්ඩායමට  එක්වීමේ  බලාපොරොත්තුව  සමගය . නමුත්  අද  වනවිට  ඔහුගේ  ආබාධය  සුව  නොවීම  නිසා ඔහු මෙම  තරගාවලියට  එක්කර  නොගැනීමට  ශ්‍රීලංකා ක්‍රිකට්  ආයතනය  තීරණය  කර  තිබෙනවා .

මේ  නිසා  නායකත්ව  උපුල්  තරංගට  හිමිවිය . තවද  චන්දිමාල්ට  සහ  ධනන්ජයට  තම  ස්ථාන  අහිමිවී තිබෙනවා . ඒ  ඔවුන්  20-20  තරග  රටාවේදී  දිගින් දිගටම  අසාර්ථක වීම  නිසා  වේ .

තවද  ලසිත්  මාලිංග නැවත  කණ්ඩායමට  පැමිණ  තිබෙනවා . දේශීය  පිටියේ  දක්ෂතා  පෙන්නපු  කපුගෙදර  නැවතත්  කණ්ඩායමට  පැමිණ  ඇත .

ශ්‍රීලංකා  කණ්ඩායම  මෙමස  13 වන  දින  කැන්බරා  නුවරට  පැමිණීමට  නියමිතය . 15 වන  දින  පුහුණු  තරගයක්ද  පැවැත්වීමට  නියමිතය

No comments:

Post a Comment